Monday, June 14, 2010

යුද්ධයට පසු

සඟවලා කඳුළු කැට ඇස් යට
අඬවලා නිල් නුවන්හෙමිහිට
බොඳවෙලා හීන මල් පෙති කැට
තල් වැටේ මායිමේ පෙති සැළෙයි සුළඟට

රත් වෙලා ඉරි තලා මහ පොළව හඬනවා
නැගෙන ඒ සුසුම් වැල් කරදියේ හැපෙනවා
අපි අපේ නොම වගේ යළි යළිත් දැනෙනවා
ජිවිතේ මහ බරක් මියැදෙන්න හිතෙනවා



No comments:

Post a Comment