Monday, December 27, 2010

අහිමි සෙනෙහස

මල් පීපි සැළෙනමුත්
සඳ නැගී දිළෙනමුත්
මුව සිනා නැගෙනමුත්
ලොවට හොරා
හැමදාමත්
හදවතින්
හඬනවා
සිහිකර
අහිමි වූ නුඹේ සෙනෙහස

Wednesday, November 24, 2010

මුතු කැට ලෙසට සීතල වැහි බිඳු වැටුනා
නිල් ගහ කොළ සැලී වට පිට බිම බැලුවා
මල් ගොමුවල සුවඳ පාවී දුර ඇදුනා
සෙනෙහස මතක් වී හද උමතුව සැලුනා

Monday, November 8, 2010

නුඹේ නෙතු පිය අසල ගැවසුන
පවන් රොද වී හිදින්නම්
නුඹේ දෙතොලේ නිතර ඇදෙනා
සිනාවක් වී රැදෙන්නම්
හදේ සුපිපුනු සෙනේ මල් මිට
නුඹේ පාමුල පුදන්නම්
භවෙන් භවයට පතා නුඹවම
නුඹේ හිත තුළ හිදින්නම්

Monday, August 30, 2010

දැවෙනා හිත
සනසවන්න
නෙතු තනියට
ලඟින් ඉන්න
හූරා ගත්
කඳුළු බින්දු
ආපසු මට
ගෙනැත් දෙන්න

Saturday, August 21, 2010


රහසක් කියන්නම්
මුමුනලා මදනළට
මුළු ලොවට හොරෙන් විත්
අසනවද ල0වෙලා...
අර ඈත
දුර පේන
තරු අතර සැඟවිලා
ඉන්නවා පේනවද
කියන් මට හිනැහිලා.....
නෙතු පියන්
දුටු සිහින
හැබෑ වී
සෙනෙහසේ පැතුම් මල
පිපෙන්නේ කවදද
කියනවද ල0වෙලා.....

Thursday, August 19, 2010

නුඹ විලක්
මම මලක්
පවතිද
කිසි කලක්
නැතුව එහි
දිය බිදක්.....

Friday, August 13, 2010

හැර යාම
පාවෙලා  මේ එතෙන
මද නළෙන් අහනවා...
නුඹේ සුවඳ සොය සොයා
මල් කැකුළු සිඹිනවා...
නිදන නෙතු රෑ පුරා
සිහිනයෙන් හඬනවා...
හැර ගියේ කිමද මා
සිත තාම අහනවා...