Saturday, June 19, 2010

කලකින් නුදුටු නුඹ

හඬා වැටෙන නිල් නෙතු ලඟ
සිනා මලක් පුබුදුවන්න...
තෙමා වැටෙන හද සුසුමේ
සිහිල අරන් සනසවන්න...
නොනිදන රෑ තුන් යාමේ
හීන අරන් තනි රකින්න...
කවදාකද නුඹ එන්නේ
සෙනෙහස ගෙන මා බලන්න...

වැට දෙවටේ පිපුනු සමන්
හිස ඔසවා හොරෙන් බලයි...
ගෙයි මිදුලේ පිළිකන්නේ
සියොතුන් කැළ ගීත ගයයි...
එති එති මේ හමන සුළඟ
මුමුණා මට රහස් කියයි...
කලකින් නුඹ නොදුටුව මුත්
හිත ඇතුලේ සෙනෙහේ ගොඩයි...




No comments:

Post a Comment