රිදුම් දෙයි හදවතේ
කඳුළු කැට නෙතු පිරේ
ජීවිතේ මහ බරක්
ආයේමත් මට හැඟේ
බොඳවෙලා හීනමල්
එකින් එක බිම වැටේ
විශල් මේ නගරයේ
තනිකමක් මට දැනේ
ජීවිතේ මුලාවක්
යන තැනක් නොම පෙනේ
සල්ලි කොල ඇහිදින්න
විඳවනා ජිවිතේ
මල්ලනම් පිරෙන්නෑ
කඳුළුමයි බර උනේ
යන්න බෑ ආපසුත්
දුර වැඩියි ආ මඟේ
හිරකරන් හිතුවිලිත්
බර අදිමි ජීවිතේ
ජීවත් වෙන්න....
ReplyDeleteජීවිතේ උගසට තබා......
අහසට නියවන අපි.......
හිනාවක් පතා....
කඳුල වැලඳ ගෙන......
රෑපුරා හූල්ලන අපි......