Sunday, August 1, 2010


           දිගු රැය

රෑ අහසේ තනි තරුවක් හිනැහෙන හැටි දැකලා
කළාමැදිරි එළි පාරෙන් යන මඟ ඒ සොයලා
අත වන වන මඳ සුළඟත් තනියට ලඟ රදවා
යන්න හදයි ඒ තරුවට තනි මකන්න හිතලා

දෑස් වලට එබෙන කඳුළු තුරුලිය වෙත ඉසලා
කළුවර සෙවනැළි අතරේ නැඟෙන රටා බලලා
සේපාලිකා මල්ගොමුවෙන් සුවඳ අරන් ඔතලා
සිහින දිගේ පියමනිමින් මම එන්නම් දුවලා

හෙට උදයේ නොයෙනා ලෙස හිරුට හොරෙන් කියලා
නිදියන මල් කැකුළු වලින් සිනහව ගෙන හoගා
කුරුල්ලන්ට ගී ගයන්න  පනිවිඩ හෙම නොයවා
රැය දිගු කර එනතුරු නුඹ ඉන්න ඉතින් නොහඬා

2 comments:

  1. රාත්‍රිය පුරාවට උදෑසන වෙනකම් පෙරුම් පුරන හිත......දැන් රෑ වෙනකම් ඇඟිලිගනිනවා.....

    ReplyDelete
  2. හිත කියන්නේ පුදුම දෙයක්ම තමයි

    ReplyDelete