Monday, November 8, 2010

නුඹේ නෙතු පිය අසල ගැවසුන
පවන් රොද වී හිදින්නම්
නුඹේ දෙතොලේ නිතර ඇදෙනා
සිනාවක් වී රැදෙන්නම්
හදේ සුපිපුනු සෙනේ මල් මිට
නුඹේ පාමුල පුදන්නම්
භවෙන් භවයට පතා නුඹවම
නුඹේ හිත තුළ හිදින්නම්

7 comments:

  1. ලස්සන කවියක් කාට කිව්වත්..
    දැන් මට වැඩට යන්න ලෑස්ති වෙන්න තියෙනවා..රෑ වෙලා ආයෙත් බලන්න ඔන...

    ReplyDelete
  2. යුගෙන් යුග අප ගෙවා ආ මග..
    යළිත් යන්නට නොහැකි නම්..
    හෙටින් පසු ඔබ සැදූ දිවි සුව..
    මගේ උරුමය නොවෙනම්..
    තවත් කල් බල බලා ඉන්නට..
    නොහැකි ලෙස මට දැනේනම්..
    ඉතින් වෙන් වෙමු සොඳුරියේ අප..
    අපට හිමිකම් නොවෙනම්..

    ReplyDelete
  3. මාරයා,
    අපි හිතන පතන දේවල්ම අපිට හැමදාම ලැබෙන්නෑනේ යාළු.


    A Quote world of Dilu,
    බොහොම ස්තුතියි

    ReplyDelete
  4. හ්ම්ම්..නැතුව ඉතින්...

    ReplyDelete
  5. Godak kaalekin ayeshage sewanata aawe..

    Hamadaama wagee sanweedi kaviyak.. lassanayi :)

    ReplyDelete
  6. ලස්සනයි.
    කියන්න වචන නෑ.. උපරිමයි... :) !!

    ReplyDelete