Monday, July 19, 2010

 අහිමි පෙම්වතිය
හිමි සඳ අත එල්ලී යන
පරිස්සමට අඩිය තියා
ගැබ්බර වුනු නුඹ දැකලා
සෙනේ දියෙන් හිත පිරුනා

සෝක සුසුම් නෑ දැනුනේ
කෝප හැඟුම් නෑ මැව්නේ
සිනා සපිරි නුඹේ මුව දැක
තුටු කඳුලින් හද තෙමුනේ

අහිමි වුනත් පෙම්වතියේ
නුඹේ සුවඳ නෑ මැකුනේ
නුඹේ සතුටු මුව පමණයි
හැමදාමත් මා පැතුවේ

No comments:

Post a Comment